Sunday, April 3, 2016

President Young purayedī happened before work .. Look


සීගිරියේදී පැවැත්වුණු යොවුන් පුරයට සමාගාමීව තරග රැසක් සංවිධාන කරලා තිබුණා. මේ යොවුන් පුරයේදී යොවුන් කුමරා වගේම යොවුන් කුමරිය තේරීමේ තරගයකුත් පැවැත්වුණා

එතනදි තෝරාගත්ත යොවුන් කුමරන් තිදෙනාට ත්‍යාග ලබාදීමෙදි හරි අපූරු වැඩක් වෙලා තිබුණාඒ තමයි තුන්වැනි ස්ථානය ලබාගත්තු කෙනාට හිමි ත්‍යාග පළමු තැන ගත්තු කුමාරාට ලබාදීම.

මේ වැඩේ ජනාධිපතිතුමා වගේම අගමැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් සජිවීව විකාශය වෙද්දි සිදුව තිබුණාතුන්වැනියාගේ සිට කිරුළු පැළදවීම මුදල් හා තෑගි ලබාදීම සිදු කෙරුණේ ජාතික තරුණසේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතින්. 
එතුමා තුන්වැනියාට හිමි සාටක සහ තෑගි මුදල් ලබාදුන්නේ පළමු ස්ථානය හිමිකරගත් කුමරාට

කොහොම වුණත් කොළඹ දිස්තික්කය නියෝජනය කරමින් යොවුන් කුමරා ලෙස තේරී පත්වූ එච්.ජි.පි නිරෝෂණට ජනපති අතින් තෑගී පිරිනැමීම සිදුකරන විටත්, තුන්වැනි ස්ථානය හිමි කුමරාට පළදන සාටකය තිබුණේ පළමු තැන ලබාගත් කුමරාගේ කරේ.


No comments:

Post a Comment